කොංගෝවේ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් 19 ක් මරුට
අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර දෙසින් පිහිටි බානි පලාතේ ගම්වැසියන් 19 දෙනකු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයට ලක් වී මියගියේ, බෙනී නගරයට කිලෝ මීටර් 30 ක් දුරින් පිහිටි ගම්මානයක වැසියන්ය. උතුරුදිග පළාත්වල සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට එක්සත් ජාතීන්ගේ සාම හමුදා රදවා තැබේ.
කෙසේ නමුත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතී. මෙම නොවැම්බර් මස ආරම්භයේ සිට මේ දක්වා ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 84 දෙනකු මියගොස් ඇති බව ද පැවැසෙයි.
බෙනීහිදීය (ඒ.එෆ්.පී.)