කෙන්යා මන්ත්‍රී අත්අඩංගුවට
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට සැකැසූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්, ජන හමුවක් පැවැත්වූ කෙන්යා මන්ත්‍රීවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.
අත්අඩංගුවට ගැණුනේ චාල්ස් ඔන්ගොන්ඩෝ නමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. මොහු ජන හමුවක් පවත්වා ඇත්තේ ඔහුගේ ගම්පළාතේය. ඒ, ඇඳිරි නීතිය නොතකමින්, සමාජ දුරස්ථභාවය හෝ මාස්ක් පැලැඳීමකින් හෝ තැකීමක් නොකරමිණි.
කෙන්යාව අප්‍රිකා රාජ්‍යයකි. කෙන්යාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 14,168 කි. මරණ වාර්තා වන්නේ 250 ක් ලෙසිණි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 6,300 කි.
නයිරෝබිහිදීය (ඒ.එෆ්.පී.)