කුමන්ත්‍රණය ගැන ජනාධිපති දන්නවා



බොලිවියා හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ ජනරාල් ජුවාන් ජොසේ සුනීගා එරට ජනාධිපති ලුවිස් අර්සේගේ අනුදැනුම යටතේ ක්‍රියාකර ඇති බවට එරට විපක්ෂය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමුදා කුමන්ත්‍රණය මෙහෙයවීමට ජනාධිපති ලුවිස් අර්සේ තමාට අණ දුන් බව ජනරාල් සුනීගා අත්අඩංගුවට ගැනීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇති බවත් ඒ සඳහා ඔහු කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජනරාල් සුනීගා හමුදා කුමන්ත්‍රණය ආරම්භ කිරීමට පෙර දින ඔහුව ජනාධිපතිවරයා විසින් තනතුරෙන් පහ කර ඇති බව එරට රජයේ අමාත්‍ය එඩුවාඩෝ ඩෙල් කැස්ටිලෝ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය.

මෙම ප්‍රකාශ හේතුවෙන් ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශනයක් පවත්වන ලෙස බොලිවියානු විපක්ෂය ඉල්ලීමක් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම චෝදනා ජනාධිපති ලුවිස් අර්සේ ප්‍රතික්ෂේප කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.


RECOMMEND POSTS