කීව් අගනුවරට රුසියාවෙන් ගුවන් ප්‍රහාර



යුක්රේනයේ කීව් අගනුවරට රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් නගරයේ ස්ථාන කීපයකට එම මිසයිල පතිත වූ බවත් යුක්රේන රජය පවසයි.

මිසයිල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ගණන 13 කි. මහල් නිවාස සංකීර්ණයකට එක් මිසයිල ප්‍රහාරයකින් හානි සිදුවුණු බවත්, මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත් යුක්රේන රජය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS