කියුබාවට මහ වැසි: ජල ගැලීම්: දෙකක් මරුට



කියුබාවේ හවානා අගනුවරට මහ වැසි ඇදහැලෙන බවත්, මේ වනවිට නගරයේ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හවානා අගනුවරට මෙසේ මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ 'අගතා' සුළි කුණාටුවේ බලපෑමත් සමඟය.

ජල ගැලීම් සහ විදුලි සැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතියි ද පැවැසෙයි. ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ ගණන 2,000 කි. ඊයේ (4) වනවිට 50,000 ක පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටියහ.

කියුබානු කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සෙ.මී. 20 කට වඩා වැසි ඇතුම් ප්‍රදේශවලට ඇදහැලුණු බවය. ගතවුණු පැය 24 පුරා නොකඩවා මහ වැසි ඇද හැලෙන්න වූ බව ද පැවැසෙයි. 'අගතා' සුළි කුණාටුව කියුබාවට කඩා වැදුණේ මෙක්සිකෝව පසු කරමිනි. සුළි කුණාටුව හේතුවෙන් මෙක්සිකෝවේ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

(රොයිටර්)


RECOMMEND POSTS