කියුබාවට අගමැතිවරයෙක්
වසර 43 කට පසු කියුබාවට අගමැතිවරයකු පත් වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. අගමැති ධුරයට පත් වූයේ මැනුවෙල් මරේරෝ ය.
එම පත්වීම සිදු කරනු ලැබ ඇත්තේ ජනාධිපති මිගෙල් දියෙස් විසින් යැයි පැවැසෙයි. 1976 වසර වනතුරු කියුබාවේ අගමැති ධුරය තිබුණු අතර එය අහෝසි කළේ කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්රෝය.
අගමැති ධුරයට පත්වෙද්දී මැනුවෙල් මරේරෝ කියුබාවේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. අගමැති ධුරය ස්ථාපිත කිරීම සිදුවූයේ නව ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය.
හවානාහිදීය (රොයිටර්)