කියුබානු වෛද්‍ය කණ්ඩායම් ඉතාලියට



‘කෝවිඞ් 19’ වයිරසය චීනයේ ව්‍යාප්ත වෙද්දී, චීන වෛද්‍යවරුන් නොයෙක් නොයෙක් ඖෂධ අත්හදා බැලුවේය. එසේ අත්හදා බැලූ ඖෂධ අතරින් එකක් වන්නේ පෙනහලු ආසාදන වැළැක්වීමට කියුබානු වෛද්‍ය පර්යේෂකයන් විසින් නිර්මාණය කර ඇති ‘ඉන්ටර් ෆෙරොන් ඇල්ෆා ටූබී’ නමැති ඖෂධයයි.

ඊට අමතරව, කොරෝනා වයිරසය මර්දනය කිරීමට තවත් ඖෂධ වර්ග 23 ක් නිර්මාණය කිරීමට කියුබාවට හැකියාව ඇති බව පැවැසෙයි.

ඉතාලියට පිහිටවීමට කියුබාව ද ඉදිරිපත් විය. කියුබාවේ ඔවුන්ගේ වෛද්‍යවරුන්ගෙන් සහ වෛද්‍ය පර්යේෂකයන්ගෙන් සමන්විත ‘සුදු ලෝගු හමුදාව’ ඉතාලියට එවා ඇත. කියුබාව, ඉතාලියට යැවූ ඔවුන්ගේ මෙම ශක්තිමත් වෛද්‍ය බළකාගේ සාමාජිකයන් ගණන 52 කි.

‘අප සුපිරි වීරයෝ නොවෙයි. අප විප්ලවවාදී වෛද්‍යවරු. ජීවිත පරදුවට තබා අප ඉතාලි වැසියන්ගේ පිහිටට ආවා’ යැයි වෛද්‍ය කණ්ඩායම පවසා ඇත. සුදු ලෝගුවලින් සැරැසුණු වෛද්‍ය කණ්ඩායම ඉතාලියේ ලම්බෝර්ඩි නුවරින් සිය මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඉතාලි වෛද්‍යවරුන්ට සහාය දක්වමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS