කිම් ජොන් උන්ගෙන් ලිපියක්
දකුණු කොරියාවේ ‘කෝවිඞ් 19’ වයිරසය වේගයෙන් පැතිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, වයිරසය ආසාදනය වූවන්ට ඉක්මන් සුවය පතමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට ලිපියක් යවා ඇත.
චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙනි. දකුණු කොරියාවෙන් හමුවුණු ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 6,284 කි. දකුණු කොරියාවෙන් වාර්තා වුණු මරණ සංඛ්‍යාව 40 කි.
කොරෝනා ආසදිතයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.
දකුණු කොරියා රජය කොරෝනා වයිරසය මැඬලීමට ගෙන ඇති ක්‍රියා මාර්ග ප්‍රසංශනීය යැයි ද උතුරු කොරියා නායකයා සිය ලිපියෙහි සඳහන් කර ඇතැයි දකුණු කොරියාව පවසයි.
සෝල්හිදීය (රොයිටර්)