කිම් ජොන් උන් හමුදා ප්‍රධානීන් හමුවෙයි



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ එරට හමුදා ප්‍රධානීන් අතරේ විශේෂ හමුවක් ඊයේ (22) පැවැත්විණි. උතුරු කොරියාවේ හමුදා ශක්තිය තවත් වැඩි කිරීමට නායක කිම් ජොන් උන් මෙහිදී හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.

නායක කිම් ජොන් උන් එරට හමුදා ශක්තිය වැඩි කිරීමට උපදෙස් ලබා දුන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි ද පැවැසෙයි. ඒ අනුව ඉදිරියේ දී තවත් කෙටි දුර මිසයිල අත්හදා බැලීම්වලට උතුරු කොරියාව යොමු වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර උතුරු කොරියාව එරට හමුදා ශක්තිය තර කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කර ඇති බව ද වාර්තා වේ. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පසුගිය කාලයේ අවස්ථා තුනකදී හමුවීම් සිදුවිය.

ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැමැත්ත පළ කරමින් න්‍යෂ්ටික අවිහරණයට එකඟත්වය පළ කිරීමත් සමඟය. කෙසේ නමුත් ඇමෙරිකාව අපේක්ෂා කරන ආකාරයට උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුනොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS