කිම් ජොන් උන් යහතින් ඉන්නවා
සිහිසුන්ව, කෝමා තත්ත්වයකට පත්වුණැයි කී උතුරු කොරියා නායක කිම් ජොන් උන්, යහතින් සිටින බවත්, ඔහු පාලක කම්කරු පක්ෂයේ සමුළුවකට සහභාගී වූ බවත් පැවැසෙයි.
පාලක කම්කරු පක්ෂ සමුළුවේදී, කොරෝනා වයිරස වසංගතයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියා මාර්ග සාකච්ඡාවට බඳුන් විය. තවමත් උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැත.
‘බාවී’ නමින් කාලගුණ විද්‍යාඥයන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව ද උතුරු කොරියාවට කඩා වැදීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ද උතුරු කොරියා නායක කිම් ජොන් උන්, හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
සෝල්හිදීය (ඒ.එෆ්.පී.)