කැබිනට් මණ්ඩලය හඳුන්වා දෙයි
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වසංගතය හමුවේ අර්බුදයට ලක් වුණු ආර්ථිකය යළි පණ ගැන්වීමේ ප්‍රධාන අරමුණින්, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් සිය නව කැබිනට් මණ්ඩලය හඳුන්වා දුන්නාය.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කර ගැනීමට හැකිවුණු රාජ්‍ය නායිකාවක ලෙස ජැසෙන්ඩා එර්ඩර්න් පැසැසුමට ලක් වී සිටින්නීය. පසුගිය ඔක්තෝබර් 17 වැනිදා 40 හැවිරිදි අගමැතිනිය ප්රමුඛ ඇගේ කම්කරු පක්ෂයට අති විශිෂ්ට ජයක් හිමිවූයේ ද ඒ නිසාය.
බහුතර බලයක් හිමිවුවත්, තමන්ට සහාය දක්වන පක්ෂ ද හවුල් කර ගනිමින් එකමුතුව වැඩි කිරීමට අගමැතිනිය කැමැත්ත පළ කළාය. ඒ අනුව, නවසීලන්ත නව කැබිනට් මණ්ඩලය 20 දෙනකුගෙන් සමන්විත වෙයි. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවී ඇත්තේ හිටපු මුදල් ඇමැති ග්‍රාන්ට් රොබර්ට්සන්ටය. එමෙන්ම, මුදල් ඇමැති ලෙසත් හෙතෙම කටයුතු කරනු ඇත.
නවසීලන්ත ස්වදේශිකයන් වන්නේ මෞරිවරුන් වන අතර, නවසීලන්ත විදේශ ඇමැති ධුරය පිරිනමා ඇත්තේ මෞරි ජාතික කාන්තාවකටය. ඇය නානායියා මහුටාය. ඊට අමතරව කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනයක් ද වැඩි වශයෙන් දකින්න ලැබේ.
නවසීලන්තයේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 3 කට වරක්ය. නව කැබිනට් මණ්ඩලය හඳුන්වා දෙමින්, අගමැතිනී ජැසෙන්ඩා පැවැසුවේ, ඉදිරි වසර 3 ක කාලය අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, ඒ සෑම අභියෝයක්ම ජය ගැනීමට තම නව රජයට හැකිවනු ඇති බවත්ය.
වෙලිංටන්හිදීය (රොයිටර්)