කාශ්මිරයට යළිත් අන්තර් ජාල පහසුකම්
මාස 7 කට පසු ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට අන්තර්ජාල පහසුකම් යළි ලබා දීමට ඉන්දීය රජය තීරණය කළේය.
ඉන්දීය රජය මීට මාස 7 කට පෙර මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දු කාශ්මීරයට පවරා දී තිබුණු ස්වං බලතල ඉවත් කිරීමට පියවර ගත්තේය. ඉන්දීය රජය එසේ කළේ ඉන්දු කාශ්මීර දේශපාලනඥයන් නිවාස අඩස්සියට ගෙන ඇඳිරි නීතිය ද පනවමිනි.
කාශ්මීර වැසියන්ගෙන් ඊට විරෝධය එල්ල වෙද්දී, පොලිසිය සහ හමුදාව යොදවා එම වැසියන් විසුරුවා හැරීමට පියවර ගත්තේය. අන්තර්ජාල සේවා අත්හිටුවීමට ද ඉන්දීය රජය ඒ අනුව කටයුතු කළේය.
ශ්‍රී නගර්හිදීය (රොයිටර්)