කාර්කීව් නුවරට රුසියන් හමුදාව පහර දෙයි



යුක්රේනයේ කාර්කීව් නගරයට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යයුක්රේන වැසියන් හය දෙනකු මියගිය බවත් 16 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

රුසියන් හමුදා පහර දී ඇත්තේ නගරයේ මහල් නිවාස ඉලක්ක කර ගනිමිනි. එය හිතාමතා සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, රුසියාවට චෝදනා කරමින් පවසා තිබේ. අහිමි වුණු සිවිල් වැසියන්ගේ ජීවීත වෙනුවෙන් පළිගන්නා බව ද යුක්රේන ජනාධිපතිවරයා රුසියාවට තර්ජනය කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS