කාබුල් විශ්ව විද්‍යාලයට ප්‍රහාරයක්



 

ඇෆ්ගනිස්තානයේ අගනුවර කාබුල් ප්‍රධාන විශ්ව විද්‍යාලයට කඩා වැදුණු ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීම්වලින් සහ බෝම්බ ප්‍රහාරවලින් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, තවත් විසි දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ එක් වී සිටින අයි.එස්. සාමාජිකයන් යැයි ආරක්ෂක අංශ පවසන අතර, ප්‍රහාරයේ වගකීම ද අයි.එස්. සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

වෙඩි තබා ඝාතනය කෙරුණේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් සහ ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් යැයි ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයේ නිවේදනයක දැක්වෙයි.

සය දෙනකුගෙන් සමන්විත එම ත්‍රස්ත කණ්ඩායම අත් බෝම්බවලින් දමා ගසමින්, විශ්ව විද්‍යාල භූමියට කඩා වැදී ඉන්පසු පංති කාමරවලට වෙඩි තබන්නටත් අත් බෝම්බ විසි කරන්නටත් පටන් ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.

ඇෆ්ගන් ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී විශ්ව විද්‍යාලය වට කළ අවස්ථාවේදී, ඔවුන් සහ ත්‍රස්තවාදීන් අතර පැය කීපයක අවි හුවමාරුවක් සිදුවුණු බව ද ඇෆ්ගන් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

කාබුල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS