ක්‍රිකට් ක්‍රීඩාවට තලේබාන් අනුමැතිය



පෙර සැලැසුම් කළ පරිදි, ලබන නොවැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට, ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම සහභාගී වනු ඇතැයි ඇෆ්ගන් ක්‍රිකට් මණ්ඩලයේ නව සභාපති හමීඩ් ෂිංවාරී මාධ්‍ය හමුවේ පවසා තිබේ.

හමීඩ් ෂිංවාරී, ඇෆ්ගන් ක්‍රිකට් මණ්ඩලයේ නව සභාපති ලෙස පත් කෙරුණේ තලේබාන් නායකයන්ගේ අනුමැතිය පරිදිය. ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතරේ ටෙස්ට් තරගය පැවැත්වෙනු ඇත්තේ නොවැම්බර් 27 සිට දෙසැම්බර් 1 දක්වාය.

මෙම තරගය පසුගිය 2020 වසරේ පැවැත්වීමට සැලැසුම් කර තිබුණත්, 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් විය.

ක්‍රිකට් ක්‍රීඩාවට අවසර ලබා දෙමින් තලේබාන් සංවිධානය පවසා ඇත්තේ ජාත්‍යන්තරය සමඟ තමන්ට සමීප වීමටත්, හොඳ හිත පෙන්වීමටත් ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කර ගන්නා බවය.

(රොයිටර්)


RECOMMEND POSTS