ක්වොඩ් සංවිධානයේ ඉහළ පෙළේ සමුළුව



ක්වොඩ් සංවිධානයේ ඉහළ පෙළේ සමුළුවක් අඟහරුවාදා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්විණි.

ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහභාගීත්වය ඇතිව ක්වොඩ් සංවිධානය ආරම්භ කර ඇති අතර චීනයට උපායමාර්ගිකව මුහුණ දීම මෙහි අරමුණ වී තිබේ.

මෙම සමුළුවේ දී ඉන්දියාව, එරට නිෂ්පාදිත එන්නත් මාත්‍රා 525,000ක් තායිලන්තයට සහ කාම්බෝජයට ලබාදීම අනෙකුත් සාමාජික රටවල ඇගයීමට ලක්ව තිබේ.

ක්වොඩ් සංවිධානය ද සිය සංවිධානයේ මූලිකත්වය ඇති ව එන්නත් හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇති අතර ඉන්දියාව අදාළ එන්නත් තොගය ලබා දී ඇත්තේ එහි එක් පියවරක් ලෙස ය.

ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම එන්නත් තොගය බාර දී තිබේ.

ක්වොඩ් සංවිධානයේ සාමාජික රටවල් මේ වනවිට විවිධ රටවලට ලබා දී ඇති එන්නත් මාත්‍රා තොගය මිලියන 670 ඉක්මවයි. එයින් එන්නත් මාත්‍රා මිලියන 265කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ඉන්දු-ශාන්තිකර කලාපයට ය.

පී.අයි.බී. ඇසුරිනි


RECOMMEND POSTS