කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ



ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණය ආරම්භ විය. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂයට යළිත් වරක් බලය තහවුරු කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන ආරම්භ විය. උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කරමින් කර්ණාටක මහ ඇමැති බසාවරාජ් බෝමානී ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේ උදෑසනම ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසය. ‘කර්ණාටක ප්‍රාන්තයේ සංවර්ධනය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්නැයි’ ද මහ ඇමැතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු පැවැසුවේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS