කරච්චි නුවර පිපිරීමකින් දෙදෙනෙක් මරුට



පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ නුවර බෝම්බයක් පුපුරා යෑමෙන් චීන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

මේ බව පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත. බෝම්බය පුපුරුව හරින ලද්දේ එම චීන ජාතිකයන් ගමන් කළ රථය ඉලක්ක කර ගනිමින් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි. 

චීන ජාතිකයන්, කරච්චියේ ජින්නා ගුවන්තොටුපොළෙන් පාකිස්තානයට ඇතුළු වුණු ඉන්ජිනේරුවන් බවත්, ඔවුන් ‘පෝට් කසීම්’ බලශක්ති බලාගාරයේ ඉන්ජිනේරුවන් පිරිසක් බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.

පිපිරීමට හසුවීමෙන්, චීන ජාතිකයන්ට අමතරව, පාකිස්තාන වැසියන් කීප දෙනකු පිපිරීමට හසුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. පිපිරීම සිදුවූයේ රාත්‍රී 11 ට පමණ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත. තුවාල ලැබූ ගණන 10 ක් යැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS