කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයෙක් මරා දැමේ



පාකිස්තානයේ කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ‘ද ඩිප්ලෝමැට්’ වෙඩ් අඩවිය පවසයි. මෙම ඝාතනය පාකිස්තාන බෙදුම්වාදීන් විසින් කරනු ලැබූවක් යැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි.

පාකිස්තානයේ චීන ජාතිකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය කාලය පුරා ප්‍රහාර එල්ල විය. කරච්චි දන්ත වෛද්‍ය චීන ජාතිකයා ඝාතනය කර ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ඔහුගේ සායනයට පැමිණි තැනැත්තකු බව පොලිසිය කියයි.

වෛද්‍යවරයාට වෙඩි තැබූ අවස්ථාවේදී සායනයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු ද වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලැබූ පොලිසිය කියයි. වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාකිස්තානයේ චීන විරෝධී බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක සාමාජිකයකු බව ද පොලිසිය සැක කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS