කමලා හැරිස් උප ජනපති ධුරයට සුදුසු නෑ



එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක, ජෝ බයිඩන් උප ජනාධිපති ධුරයට සඳහා නම් කළ කමලා හැරිස් එම තනතුර සඳහා සුදුසු නැතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඊට හේතු ලෙස ජනපති ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ උප ජනපති ධුරය වෙනුවෙන් තරග වැදීමට කමලා හැරිස් ට ඇති නීත්‍යාණුකූල සුදුසුකම් සම්බන්ධයෙනි.

කමලා හැරිස් ඇමෙරිකාවේ උපත ලැබූ තැනැත්තියකි. ඇය උපත ලබා ඇත්තේ 1964 ඔක්තෝබර් 20 වැනිදා කැලිෆෝනියාවේදීය. කමලා හැරිස්ගේ මව ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඉන්දියානුවකු වන අතර, පියා ජැමෙයිකාවෙන් ආ අයෙකි.

ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ඇමෙරිකාවේ ජනපති ධුරය වෙනුවෙන් හෝ උප ජනපති ධුරය වෙනුවෙන් හෝ ඉල්ලුම් කළ හැක්කේ ඇමෙරිකාවේ උපත ලබා වයස අවුරුදු 35 ඉක්මවූ අය යැයි පැවැසෙයි. 55 හැවිරිදි කමලා හැරිස් ට උප ජනපති ධුරය සඳහා තරග වැදීමට කිසිදු නීත්‍යාණුකූල බාධාවක් නොමැති බව, ට්‍රම්ප්ගේ වර්ගවාදී ප්‍රකාශයට විරෝධය පාමින්, ඩිමොක්‍රටික් පක්ෂය පෙන්වා දී ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS