කඳවුරේ ගින්නෙන් ජීවිත හානි නෑ
ග්‍රීසියට අයත් ලෙස්බොස් දූපතේ, ‘මොරියා’ සංක්‍රමණික කඳවුරේ හටගත් ගින්නෙන් එහි රැඳී සිටි සංක්‍රමණිකයන් කිසිවකුටවත් අනතුරක් සිදුවී නැතැයී ග්‍රීක රජය පවසයි.
ලොව විශාලතම සංක්‍රමණික කඳවුරක් ලෙස ‘මොරියා’ සංක්‍රමණික කඳවුර සැලකිණි. කඳවුර ගින්ගෙන විනාශ වූයේ ඊයේ (9) ය. ගින්නෙන් පසු කඳවුරේ රැඳී සිටි 13,000 ක සංක්‍රමණිකයන් පිරිසක් මේ වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි පැවැසෙයි.
‘මොරියා’ කඳවුරේ රැඳී සිටියේ, දේශපාලනික සහ වාර්ගික ප්රචණ්ඩ ක්‍රියාවලින් මෙන්ම සිවිල් යුද ගැටුම්වලින් ද පණ බේරා ගනිමින්, අප්‍රිකා සහ අරාබි රටවල සිට බෝට්ටු මාර්ගයෙන්, මධ්‍යධරණී මුහුද තරණය කරමින්, බෝට්ටු මාර්ගයෙන් යුරෝපයට යෑමට උත්සහ කළ සංක්රමණිකයන්ය.
කඳවුරේ සිටි 13,000 අතර තරුණ සහ කුඩා දරුවන් 4,000 ක් සිටින බව පැවැසෙයි. මෙම පිරිස ප්‍රධාන දූපත වෙත රැගෙන යෑමට ග්‍රීක රජය තීරණය කළේය. සංක්‍රමණික කටයුතු පිළිබඳ ග්‍රීක ඇමැති නොටිස් මිටරෙච්චි පවසා ඇත්තේ සෙසු සංක්‍රමණිකයන් වෙනුවෙන් තාවකාලික කූඩාරම් ඉදි කිරීමට ද පියවර ගෙන ඇති බවය.
ඇතන්ස්හිදීය (රොයිටර්)