කතානායකවරයාටත් කොරෝනා
පාකිස්තානයේ කතානායකවරයාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කළේය.
‘‘මට කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවුරු වුණා. මා දැන් මගේ නිවසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා. ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නැයි මා මුළු මහත් ජාතියෙන්ම ඉල්ලා සිටිනවා’’ යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාකිස්තාන ජාතික මන්ත්‍රණ සභාවේ කතානායක අසාද් කයිසර් පැවැසීය.
පාකිස්තාන කතානායක අසාද් කයිසර්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා ය.
ඉස්ලාමාබාද් නුවර ජාතික සෞඛ්‍ය ආයතනය කතානායකවරයාගේ කොවිඩ්-19 පරීක්ෂණය කර ඇත.
කතානායකවරයාගේ දියණියට සහ පුතුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ඔහුගේ සහෝදරයා වන අබ්දුල් වහීද් ‘ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන්’ පුවත්පතට පවසා තිබිණි.
‘ද හින්දු’