කතා නායක ධුරයට සුදුස්සෙක් නෑ



ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතානායකවරයකු පත් කර ගැනීමේ පළමු වටයේ ඡන්ද විමසුම පැවැත්වුණු නමුත් සුදුස්සකු තෝරා ගැනීමට අපොහොසත් විය.

ඇමෙරිකන් ඉතිහාසයේ, වසර 100 කට පසු, මුල් වටයේ ඡන්ද විමසුමකින් කතානායක ධුරයට සුදුසුස්සකු තෝරා ගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ මධ්‍ය ධුර කාල මැතිවරණයෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන්ට නොව, ප්‍රතිවාදීන් වන රිපබ්ලිකන්වරුන්ටය. ඒ අනුව, ඩිමොක්‍රටික් කතානායිකා නැන්සි පොලෝසි කතා නායක ධුරයෙන් ඉවත් වෙයි.

රිපබ්ලිකන්වරුන් නව කතානායකයා ලෙස එම ධුරයට නම් කර ඇත්තේ කෙවින් මැකාති ය. මැකාතිට කතා නායක ධුරයට පත්වීමට රිපබ්ලිකන්වරුන්ගේ පමණක් නොව, ඩිමොක්‍රටික්වරුන්ගේ ද මනාපය අවශ්‍ය වෙයි.

කෙසේ නමුත් පළමු වටයේ ඡන්ද විමසුමේදී කෙවින් මැකාති ට අවශ්‍ය සහාය හිමි වූයේ නැත. ඔහුට ඔහුගේ රිපබ්ලිකන්වරුන් පවා අකමැත්ත පළ කර තිබුණි.

කතා නායක ධුරයට පත් වීමට නම් මැකාති ට ඡන්ද 218 ක් අවශ්‍ය විය. කෙසේ නමුත් ඔහුට හිමි වූයේ ඡන්ද 203 ක් පමණක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. රිපබ්ලිකන්වරුන් 19 දෙනකු මැකාතිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS