ඕස්ට්‍රේලියාවේ කොරෝනා අඩුවෙලා



ඕස්ට්‍රේලියාවේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය කෙමෙන් අඩුවී යමින් පවතින බවත්, ඉදිරියේ දී ඕස්ට්‍රේලියා දේශසීමා සෙසු රටවලට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් එරට රජය කියයි.

දේශසීමා විවෘත කෙරෙන්නේ ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය සාර්ථක ලෙස පාලනය කරගත් අසල්වැසි කලාපීය රටවලට පමණක් බව ද ඕස්ට්‍රේලියා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම රටවල් අතරින් ඉදිරියෙන් පසුවන්නේ අසල්වැසි නවසීලන්තයයි.

ඊට අමතරව, චීනයේ තෝරාගත් පළාත් හා නගරවලටත්, තායිවානයටත්, ජපානයටත්, සිංගප්පූරුවටත් ඕස්ට්‍රේලියාව විවෘත කිරීමට රජය සූදානම් වෙයි. ඇමෙරිකාවට හෝ යුරෝපා රටවලට ඕස්ට්‍රේලියා විවෘත නොවනු ඇතැයි ද රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කැන්බරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS