ඕස්ට්‍රේලියා අගමැතිට විවේචන



ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කෙබඳුදැයි යන්න සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සිටි ඇමැතිනියකට ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්ගෙන් බාධා එල්ල විය.

මෙම සිදුවීම මුල්කොට ගනිමින්, අගමැති මොරිසන්ට මේවනවිට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වන්න වූයේ පවුල් සහ සමාජ සේවා කටයුතු පිළිබඳ ඇමැතිනී ඈන් රස්ටන්ටය. එය පිළිතුරු දීමට පටන් ගත් සැණින්, ඇමැතිනියට අගමැතිගෙන් බාධා එල්ල වන්න විය.

ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට ඇති තැන, අගමැති මෝරිසන්ගේ මෙම ක්‍රියා කලාපයෙන් මනාව පැහැදිලි වෙනනවා යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනකු අදහස් දක්වමින් පවසා තිබේ.

කැන්බරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS