ඕමාන් ශිෂ්ටාචාරය ගැන ප්‍රදර්ශනයක්



ඕමාන් ශිෂ්ටාචාරය ඉස්මතු කෙරෙන විශේෂ ප්‍රදර්ශනයක් සාජා හි සාජා පුරාවිද්‍යා කෞතුකාගාරයේදී පැවැත් වෙන බව වාර්තා වේ.

මෙම ප්‍රදර්ශනය 2023 ජූනි 7 වැනිදා දක්වා පැවැත් වෙන අතර, ඉස්ලාමීය යුගයේ ආරම්භය, ප්‍රාග් ඓතිහාසික යුගය, ගල් යුගය සහ ලෝකඩ යුගයේ සිට යකඩ යුගය දක්වා වූ ඕමානයේ මානව හා සංස්කෘතික උරුමයේ විවිධ කාල වකවානුවලට අයත් කෞතුක වස්තු ප්‍රදර්ශනයට ඇතුළත් වේ.

සාජා පාලක සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උත්තරීතර කවුන්සිලයේ සාමාජික, ආචාර්ය සුල්තාන් මොහොමඩ් අල් කාසිමිගේ අතින් ප්‍රදර්ශනය විවෘත කිරීම සිදුවිය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS