ඕක්ලන්ඞ් තවත් සතියක් ලොක්ඩවුන්
නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරට පනවා ඇති ලොක්ඩවුන් තහංචි තවත් සතියක් දීර්ඝ කරන බව නවසීලන්ත රජය ඊයේ (20) පැවැසීය. ඒ, ඕක්ලන්ඞ් නුවර සමාජයෙන් නව ආසාදිතයන් නව දෙනකු වාර්තා වීමත් සමඟය.
නවසීලන්තයේ විශාලතම නගරය වන්නේ ඕක්ලන්ඞ්ය. ඕක්ලන්ඞ් සමාජයෙන් ආසාදිතයන් හමුවීම ඇරැඹුණේ මීට සති දෙකකට පමණ පෙරය.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව, ඕක්ලන්ඞ් ලොක්ඩවුන් කිරීමට වහා පියවර ගැණින. මේ වනවිට නවසීලන්තයෙන් කොරෝනා ආසාදියන් 1,665 ක් වාර්තා වී තිබේ. මරණ වාර්තා වන්නේ 22 ක් ලෙසය.