ඔස්ලෝ වෙඩිතැබීම ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක්



නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක් තුළ සිදුවුණු වෙඩි තැබීම ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියාවක් යැයි ආරක්ෂක අංශ පවසයි.

වෙඩි තැබීම කළේ 42 හැවිරිදි ඉරාන සම්භවයක් ඇති තැනැත්තකු බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

පසුගිය සිකුරාදා (24) සිදුවුණු එම වෙඩි තැබීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර තුවාල ලැබූ ගණන 21 කි. වෙඩි තැබීම සිදුවූයේ මධ්‍යම ඔස්ලෝ නුවර ‘ලන්ඩන් පබ්’ යන නමින් හැඳින්වෙන රාත්‍රී සමාජ ශාලාව තුළ සහ ඒ අවටය. මෙම සමාජ ශාලාව සමලිංගිකයන් අතරේ ප්‍රකටය.

වෙඩි තැබීම කළ තැනැත්තා අල්ලා ගැනීමට පොලිසි සමත් වූයේ අසල සිටි ජනතාවගේ ද උදවුවෙනි. ඔහු සතුව ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් ද තිබුණු බව පැවැසෙයි. එය සමලිංගිකයන්ට එරෙහිව කළ ප්‍රහාරයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නොර්වේ අග්‍රාමාත්‍ය ජොනාස් ඝාර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS