ඔස්කාර් සම්මාන නළු සිඩ්නි පොටියේ සමුගනී



හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයක්, පළමුවෙන් ම හිමිකරගත් කළු ජාතික නළුවා ලෙස සැලකෙන හොලිවුඩ් නළු සිඩ්නි පොටියේ අභාවප්‍රාන්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 94 කි.

සිඩ්නි පොටියේ ඇමෙරිකන්-බහාමාස් නළුවෙකි. ඔහු නිව්යෝක් පදිංචිය සඳහා පැමිණ ඇත්තේ අවුරුදු 16 දීය. වේදිකා රංගන ශිල්පියකු සහ සිනමා නළුවකු ලෙස 1950 සහ 1960 දශකයේ පොටියේ කැපී පෙණුනු චරිතයක් විය.

පොටියේ 1958 වසරේ දී ඔස්කාර් සම්මානයක් වෙනුවෙන් නිර්දේශ විය. ඔහු හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ 1963 වසරේ 'ලිලීස් ඔෆ් ද ෆීල්ඩ්' චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි.‍

සිඩ්නි පොටියේ සිනමා නළුවකු පමණක් නොව, මානව හිතවාදියකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු ද වෙයි. ඔහුගේ අභාවය පිළිබඳ පුවත නිවේදනය කළේ බහාමාස් විදේශ කටයුතු අමත්‍යාංශයයි. පොටියේගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කළ බොහෝ දෙනා අතර ඇමෙරිකාවේ පළමු ක ජාතික ජනාධිපති බැරැක් ඔබාමා ද වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS