ඔලිම්පික් ලබන වසරේ
කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය තිබුණත් නැතත්, ලබන 2021 වසරට කල් දැමුණු ඔලිම්පික් උළෙල කෙසේ හෝ පැවැත්වීමට ඔලිම්පික් කමිටුව ඊයේ (7) තීරණය කළේය.
ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය ජූලි මාසයේ ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍ර කොට ගනිමිනි. කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණි.
ලබන වසරේ ජූලි මාසයේ ඔලිම්පික් උළෙල ටෝකියෝ කේන්ද්‍රකොට ගනිමින් කෙසේ හෝ පවත්වන බව ඔලිම්පික් කමිටුව වෙනුවෙන් පැවැසුවේ ජෝන් කෝට්ස් ය.
ටෝකියෝහිදීය (රොයිටර්)