ඔලිම්පික් පවත්වන්න පුළුවන්දැයි සැක



ලබන 2021 වසරට කල් දැමුණ ද, ‘කොවිඞ් 19’ හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ජපාන වෛද්‍ය සභාවේ ප්‍රධානී යොෂිහිටේක් යොකොකුරා පවසා ඇත.

ඔලිම්පික් උළෙල මෙම වසරේ ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතව තිබුණ ද ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් එය ලබන 2021 ට කල් දැමීමට තීරණය කළේ ඔලිම්පික් කමිටුවය. ඔලිම්පික් උළෙල වෙනුවෙන් ජපානය ඇමෙරිකන් ඩොලර් බිලියන 13 ක මුදලක් වැය කර ඇත.

කෙසේ නමුත් ‘කොවිඞ් 19’ සඳහා එන්නතක් නිර්මාණය නොකළොත්, ලබන වසරේ ද ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජපාන වෛද්‍ය සභාවේ ප්‍රධානී යොෂිහිටේක් යොකොකුරා මාධ්‍ය හමුවේ පවසා ඇත.

‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් නිපදවීමට, ලොව පුරා රටවල් රැසක් ලහිලහියේ කටයුතු කරමින් සිටින බව පැවැසෙයි. එන්නතක් නිපදවීමට තව මාස 8 ක් පමණ ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

ටෝකියෝ නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS