ඔමික්‍රෝන් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් නොවේ



‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය උණ හෙම්බිරිස්සා තත්ත්වයක් නොවන බවත්, එය අවතක්සේරු කිරීම බරපතල වරදක් බවත් ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ඉන්දියාවේ යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. මෙය ඉන්දියාව මුහුණ දෙන තෙවැනි කොරෝනා රැල්ලය.

ඉන්දීය රජයේ ‘කොවිඩ් 19’ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා මෙන්ම, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ විශේෂ උපදේශක ලෙස කටයුතු කරන, වී.කේ. පෝල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය අවතක්සේරු නොකළ යුතු බවත් එය ‘කොවිඩ් 19’ වයිරසයේ බිහිසුණු ප්‍රභේදයක් බවත්ය.

වී.කේ. පෝල් මෙසේ පැවැසුවේ ඉන්දීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය ජයප්‍රකාශ් මුරලිගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. වෛද්‍ය ජයප්‍රකාශ් මුරලි යනු ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍යවරයාය.

වෛද්‍ය ජයප්‍රකාශ් මුරලි පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය සාමාන්‍ය උණ හෙම්බිරිස්සා තත්ත්වයක් හා සමාන කළ හැකි බවත් එය සියලු දෙනාට ආසාදනය වනු ඇති බවත්ය. ඊට අමකරව ‘ඩෙල්ටා’ විකෘතිය තරම් ‘ඔමික්‍රෝන්’ බිහිසුණු නැතැයි ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

“කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු නැති බව ඇත්ත. ඒත් ‘ඩෙල්ටා’ විකෘතියට වඩා සිය ගුණයක් වේගයකින් ‘ඔමික්‍රෝන්’ පැතිරෙනවා. ‘ඔමික්‍රෝන්’ ආසාදනය වූවන් මියගිය බවත් වාර්තා වෙනවා. ඉදිරි සති කීපයය ඇතුළත යුරෝපා රටවල හරි අඩකට ‘ඔමික්‍රෝන්’ ආසාදනය වේවි යැයි ලෝක සෞඛ්‍ය අමත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා ‘ඔමික්‍රෝන්’ ගැන බියක් ඇති කරගත යුතුයි. සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් කියමින් එය සුළුවෙන් තකන්න හොඳ නැහැ.” යැයි වී.කේ. පෝල් පවසා තිබේ.

‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිසුණු බවත්, එන්නත් නොගත් අයට එය අනතුරුදායක බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊයේ (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. ‘ඔමික්‍රෝන්’ වයිරසයේ සුලමුල අනාවරණය වෙද්දී, එය ‘ඩෙල්ටා’ තරම් බිහිසුණු විකෘතියක් නොවන බව පැහැදිලි කළේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

පසුව ලොව නන්දෙසින් (විශේෂයෙන් යුරෝපා රටවලින්) ආසාදිතයන් හමුවෙද්දීල සහ මරණ වාර්තා වෙද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, ‘ඔමික්‍රෝන්’ බිහිසුණු විකෘතියක් නොවේ යැයි පැවැසීම තමන් කළ වරදක් බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS