එළියට යන්න ස්පාඤ්ඤ වැසියන්ට අවසර
සති 7 ක් තිස්සේ නිවෙස්වලට කොටු වී සිටින ස්පාඤ්ඤ වැසියන්ට ව්‍යායාම කිරීමට පමණක් උදේ සහ සවස් කාලයේ එළියට බැසීමට අවසර හිමිවී ඇත.
ස්පාඤ්ඤයේ ‘කොවිඞ් 19’ වයිරස අවදානම තවමත් පහව ගොස් නොමැත. ආරම්භ කළ ලොක්ඩවුන් ක්‍රියාවලිය දැන්ම අවසන් නොකරන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. කුඩා දරුවන්ට නිවෙස්වලින් පිටතට ගොස් සෙල්ලම් කිරීමට පසුගිය 27 වැනිදා අවසර ලැබුණි. ඒ, මුහුණු ආවරණ පැලඳ වැඩිහිටියකු ද සමය.
ව්‍යායාම සඳහා අවසර හිමි වී ඇත්තේ උදේ හයේ සිට උදේ 10 දක්වාත් රාත්‍රී 8 සිට රාත්‍රී 11 දක්වාත් කාලයයි. මෙම කාලයේ ව්‍යායාම සඳහා නිවසින් පිටවෙද්දී, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතුය. මුහුණු ආවරණ පැලඳීම අනිවාර්්‍යය. ව්‍යායාම කළ යුත්තේ ඇවිදීම, දිවීම සහ පාපැදි යොදා ගනිමින් වන අතර ව්‍යායාම මධ්‍යස්ථාන විවෘතව තැබෙන්නේ නැත.
මැඞ්රිඞ්හිදීය (ඒ.එෆ්.පී.)