එන්නත් ප්‍රවාහනය කඩිනමින් සිදුවේවි



‘කොවිඩ්-19’ එන්නත් කඩිනමින් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

‘කොවඩි-19’ එන්නත්වල අවශ්‍ය නියාමන ක්‍රියාවලිය සහ ක්‍රියාමාර්ග අවසන් වූ සැණින් මහ පරිමාණයෙන් එන්නත් බෙදාහැරීම ක්‍රියාවලිය ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

නිෂ්පාදනය කරන ස්ථානවල සිට බෙදාහරින ස්ථානවලටත් ඉන් අනතුරුව එන්නත් කරන ස්ථානවලටත් ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම් සම්බන්ධීකරණය වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරු අවම කරවාගැනීමටත් එන්නත් නියමිත ප්‍රමිති හා තත්ත්වවල පවත්වාගැනීමටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව නියමිත උෂ්ණත්වය (සිසිලස පවත්වා ගැනීමට) වියළි අයිස් (ඩ්‍රයි අයිස්) සහ ලිතියම් බැටරි අවශ්‍ය පමණට එක්රැස් කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනවාරි මාසය වනවිට ඇමෙරිකානු වැසියන්ට එන්නත් මාත්‍රා මිලියන 40ක් ලබාදීමටත් මාසයකට එන්නත් මිලියන 20ක් බැගින් ලබාදීමටත් අවශ්‍ය පියවර මේ වනවිට සූදානම් කර ඇතැයි ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීහු ප්‍රකාශ කළහ.

රොයිටර්


RECOMMEND POSTS