එන්නතක් හදන්න වසරක් යාවි
‘කොවිඩ් 19’ වයිරසය නසන එන්නතක් නිසැකවම නිර්මාණය වනු ඇති නමුත් ඒ සඳහා තව වසරක්වත් බලා සිටීමට ලෝකවාසීන්ට සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩෝර්ස් ඇඩ්හැනොම් ග්රෙබ්රියේසිස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ කියා සිටියේ, මේ වනවිට නිර්මාණය වෙමින් පවතින, සාර්ථක වේවි යැයි විශ්වාස කරන, එන්නත් වර්ග 100 ක ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමිණි.
එම එන්නත්වලින් බොහොමයක්, මේ වනවිට මීයන් වදුරන් වානරයන් යොදාගෙන අත්හදා බලා ඇති අතර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන, තෝරාගත් කොරෝනා ආසාදිතයන් යොදා ගනිමින් සායනික පර්යේෂණ සිදු කරමින් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එම පර්යේෂණ සියල්ල අවසන් වී, එන්නත ‘කොවිඩ් 19’ වයිරසට එරෙහිව භාවිතයට ගැනීමට තව වසරක කාලයක් ගත වනු ඇති බවය. මීට පෙර, පසුගිය අප්‍රේල් මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේ, මාස 9 ක් පමණ ගතවෙද්දී එන්නතක් නිර්මාණය වනු ඇති බවය.
‘මේ අවස්ථාවේදී ලෝකවාසී කවුරුත් කළ යුතු වන්නේ වයිරසය පාලනය කර ගනිමින්, වයිරස සමඟ ජීවත් වීමට හුරු වීමයි. රටවල් බොහොමයක වයිරසය පාලනය වෙලා. ඒත් ඇමෙරිකාව, බ්‍රසීලය වගේ රටවල වයිරස පාලනයක් පෙනෙන මානයක නැහැ. දිනෙන් දින රෝගීන් වැඩි වෙනවා. එය සිදුවන්නේ එම රටවල් වයිරස ආසාදිතයන් වෙනුවෙන් පරීක්ෂණ වැඩි වැඩියෙන් සිදු කරන නිසයි.’ යැයි ටෙඩෝර්ස් ඇඩ්හැනොම් ග්රෙබ්රියේසිස් පැහැදිලි කර තිබේ.
ජිනීවාහිදීය (රොයිටර්)