එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට සින්න වෙයි



අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්' බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ.

2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය, ‘එක්සිම්' බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 207 ක ණයක් ලබා ගෙන ගුවන්තොටුපොළ පුළුල් කරමින් සංවර්ධනය කර ඇත. ලබා ගත් එම ණය ගෙවා දැමීට උගන්ඩා රජයට නොහැකි වූ බැවින්, එය බැංකුවට සින්න වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

එන්ටැබේ ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා උගන්ඩාවේ යොවේරි මුසවේනි ජනාධිපතිවරයාගේ රජය, වසර 7 ක සහන කාලයක් සහ වසර 20 කින් ගෙවා අවසන් කිරීමේ කොන්දේසිය මත මේ ණය මුදල ලබාගෙන ඇති බව ද පැවැසෙයි.
කෙසේ නමුත් උගන්ඩාව දරුණු ලෙස ආර්ථික ඇද වැටී තිබේ.

ජනාධිපති මුසවේනිගේ රජයේ නියෝජිතයන් පිරිසක් චීන රජයේ බලධාරීන් සමග සාකච්ඡා කර ණය කොන්දේසි සංශෝධනය කරගැනීමට ගත් උත්සාහය ගෙන ඇති නමුත් එය අසාර්ථක වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ. ‘එක්සිම්’ බැංකුව මේ ණය කොන්දේසි වෙනස් කිරීමට එකඟ නොවිණි. ඒ අනුව, එන්ටැබේ ගුවන්තොටුපළ සහ එහි සියළු දේපොළ චීන බැංකුවට පැවැරීම සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 


RECOMMEND POSTS