එක්වදෝරයට ඔබ්බෙන් තෙල් කාන්දුවක්



තෙල් කාන්දුවක් හේතුවෙන්, ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ වෙරළ තීරය දූෂණය වී ඇතැවි විදෙස් මාධ්‍ය පවසයි. සාගරයට මුසුවුණු තෙල් ප්‍රමාණය තෙල් බැරල් 1200 කි.

තෙල් කාන්දුව හේතුවෙන්, කිලෝ මීටර් ගණනක වෙරළ තීරය දූෂණය වී ඇති බව ද එක්වදෝර් රජය පවසයි. තෙල් කාන්දුව සිදුවී ඇත්තේ, එස්මෙරාල්ඩස් වරායේ සමුද්‍ර පර්යන්තයේ තෙල් ටැංකියක් එහි ධාරිතාව ඉක්මවා පිටාර ගැලීමෙනි.

කිලෝ මීටර් 4 ක් දුර සාගරයට තෙල් කාන්දුව පැතිරී ගොස් ඇති බව ද පැවැසෙයි. සාගරය පිරිසුදු කිරීමේ කටයුත්තට හමුදාව ද යොදවා තිබේ.


RECOMMEND POSTS