උප ජනපති බිරිඳ කොරෝනා පරීක්ෂණයට
ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් පමණක් නොව, ඔහුගේ බිරිඳ කැරන් ද කොරෝනා ආසාදිතයන්දැයි සොයා බැලීමේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණු බව පැවැසෙයි.
ඇමෙරිකාවේ කොරෝනා වයිරස කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මයික් පෙන්ස්ය. ඒ, ට්‍රම්ප්ගේ අණ පරිදිය.
මයික් පෙන්ස්ගේ එම කාර්ය සාධක බළකායේ සාමාජිකයකු කොරෝනා වයිරසයකු යැයි තහවුරු වී ඇත.
උප ජනාධිපතිවරයා සහ බිරිඳ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණේ ඒ අනුවය යැයි පැවැසෙයි.
(රොයිටර්)