උතුරු කොරියාවේ චන්ද්‍රිකාව ධවල මන්දිරයේ ඡායාරූප අරන්



උතුරු කොරියාව සාර්ථකව උඩු ගුවනට යවා පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබා ගත් බව පවසයි.

උතුරු කොරියානු රජය, මෙම ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධය නොතකමිනි. චන්ද්‍රිකාව, උතුරු කොරියානු හමුදාව ඔවුන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි. චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කර ඇත්තේ රුසියාවේ සයා ඇතිව යැයි දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කර ඇත.


RECOMMEND POSTS