උතුරු කොරියාවට සම්බාධක



ජපානය, දකුණු කොරියාව සහ ඇමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් කළේය. ඒ උතුරු කොරියාව පසුගිය දිනවල දිගින් දිගටම කළ මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමිනි.

උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කරන්නේ අසල්වැසි දකුණු කොරියාවට මෙන්ම ජපානයට ද අනතුරක් වන ආකාරයටය.

නව සම්බාධක පැනැවීම සිදුවන්නේ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙනි. සම්බාධක ක්‍රියාත්මක වීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS