උතුරු කොරියාවට විදිය හැකි මිසයිල හදයි



උතුරු කොරියාවට සහ චීනයට විදිය හැකි දිගු දුර බැලැස්ටික් මිසයිල නිපදවන බව ජපානය පවසයි.

මෙම මිසයිලවලට කිලෝ මීටර් 3,000 ක දුරක ඉලක්කයකට පහසුවෙන් යා හැකිය.

මෙම දිගු දුර මිසයිලවලට අමතරව හයිපර් සොනික් වර්ගයේ මිසයිල ද නිපදවමින් සිටින බව ජපානය පවසා තිබේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජපානය, මේ අයුරින් ඔවුන්ගේ යුද ශක්තිය තර කර ගැනීමට කටයුතු කර ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හේතුවෙනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS