උතුරු කොරියාව හමුදා චන්ද්‍රිකා 3 ක් උඩ යවයි



උතුරු කොරියා හමුදාව, නව අවුරුදු උදාවත් සමඟ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා 3 ක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීය.
උතුරු කොරියා හමුදාව, පළමු වරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ පසුගිය නොවැම්බරයේය.

අලුතින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකා තුනක් පෘථිවි කක්ෂයට යැවීම කළේ නොවැම්බරයේ යැවූ චන්ද්‍රිකාවේ සාර්ථකත්වයත් සමඟය. මෙම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවලින් ඇමෙරිකාවේ ධවල මන්දිරය ගැන පවා ඔත්තු බැලීම් කළ හැකි යැයි උතුරු කොරියානු හමුදාව පවසා තිබේ.

හමුදාවට ප්‍රසංශා කරමින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ, මෙම නව වසරේ එරට හමුදාව, නියමුන් රහිත ඩ්‍රෝන යානා, අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල නිපදවීමටත්, ඒවා අත්හදා බැලීමටත් පියවර ගන්නා බවය.


RECOMMEND POSTS