උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි



උතුරු කොරියාව ඉතා සාර්ථකව ගුවන් යානා නාශක මිසයිලයක් අත්හදා බලා තිබේ.

උතුරු කොරියාව මාසයක් තුළ අත්හදා බැලූ සිවුවැනි මිසයිලය මෙයයි. මෙය මෙම සතියේ අත්හදා බැලූ දෙවැනි මිසයිලය විය.

උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි සැසියේදී ද අවධාරණය කළේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමන්ට මිසයිල අත්හදා බැලීමට අයිතියක් ඇති බවය.

කෙසේ නමුත් උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවා කනස්සල්ල පළ කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS