උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි



උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියාව පවසයි. කෙසේ නමුත්, උතුරු කොරියාව අත්හදා බැලුවේ කුමන ආකාරයේ බැලැස්ටික් මිසයිලයක්දැයි හඳුනා ගැනීමට දකුණු කොරියානු හමුදාව සමත් වී නැත.

මේ වනවිට දකුණු කොරියාව සහ ඇමෙරිකාව මේවනවිට තවත් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. ඇමෙරිකානු හමුදාවට අයත් න්‍යෂ්ටික බලැති යුද නැවක් ද එම යුද අභ්‍යාසයට සහභාගී වීමට දකුණු කොරියාවට සේන්දු වී තිබේ. උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලය අත්හදා බැලුවේ ඊට විරෝධය දැක්වීමක් ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS