උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධුරයට කාන්තාවක්



උතුරු කොරියානු විදේශ අමාත්‍ය ධුරය කාන්තාවකට හිමිවී ඇත. විදේශ ඇමැති ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. විදේශ අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස ද සැලකෙන චෝ සෙන් හුයි ය.

විදේශ අමාත්‍ය ධුරයට පත් වීමට පෙර, චෝ සෙන් හුයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරය හෙබවූවාය. චෝ සෙන් හුයි විදේශ අමාත්‍ය ධුරයට පත්වීමට පෙර එම ධුරයේ කටයුතු කළේ දැඩි මතධාරී හමුදා නිලධාරියකු ද වූ රී සොන් ග්වොන්ය. දකුණු කොරියාව සමඟ පසුගිය කාලයේ උතුරු කොරියාව සාම සාකච්ඡා පවත්වමින් යහපත් සබඳතා ඇති කර ගනිද්දී මැදහත් ව කටයුතු කළේ රී සොන් ග්වොන් බව පැවැසෙයි.

ට්‍රම්ප් පරිපාලනය පවතිද්දී, ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිස් ජොන් අතර අවස්ථා කීපයකදී මුහුණට මුහුණ හමුවීම් පැවැත්විණි. එම හමුවීම් පැවැත්වෙද්දී එවකට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස චෝ සෙන් හුයි, උතුරු කොරියානු නායකයා අසල සිටියාය. චෝ සෙන් හුයි ට ඉතා හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකිය.

(රොයිටර්)


RECOMMEND POSTS