උගුර සේදීමෙන් ගැලවෙන්න පුළුවන්



මුඛය සහ උගුර විශේෂයෙන් සකස් කළ විෂබීජ නාශක දියර සෝදා පිරිසුදු කිරීමෙන්් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පරාජය කළ හැකි බව බි‍්‍රතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය ආසාදනය වන සැමට රෝග ලක්ෂණ පහළ නොවෙයි. වයිරසයේ ඇති බිහිසුණු ස්වභාවය එයයි. රෝග ලක්ෂණ පහළ වන අයගේ පළමු රෝග ලක්ෂණයක් වන්නේ උගුරේ වේදනාවය.

වයිරසය මනුෂ්‍ය සෙසලවලට වෙලී එම ෙසෙල ආසාදනයට ලක් කරන්නේ තුනී පටලවලිනි. උගුර සෝදා පිරිසුදු කර ගැනීමේදී මෙ පටල විනාශ වෙයි. ඒ අනුව, වයිරසය පරාජය කිරීමට හැකියාව ලැබේ. එහෙයින් උගුර පිරිසුදුව තබා ගන්නැයි කාඩිෆ් වෛද්‍ය පර්යේෂකයෝ බි‍්‍රතාන්‍ය වැසියන්ට උපදෙස් දී ඇත.

ලූණු වතුරෙන් හෝ විශේෂයෙන් සකස් කළ විෂබීජ නාශක දියරවලින් උගුර සෝදා පිරිසුදු කිරීමෙන් වයිරසය විනාශ වන බව පළමුවෙන් ලොවට අනාවරණය කළේ වයිරසය ආරම්භ වූ චීනයයි.  කෙසේ නමුත් මුඛය හෝ උගුර පිරිසුදුව තබා ගැනීමෙන් වයිරසය අඩපණ වෙනවා යන අදහස ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් පිළිගන්නේ නැත.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS