ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩංගනයක තෙරපීමක්



ඉන්දුනීසියාවේ නැගෙනනහිර ජාවා ප්‍රාන්තයේ පාපන්දු ක්‍රීඩාංගනයක හටගත් තෙරපීමකින් 127 දෙනකු මියගිය බවත්, 180 කට වැඩි දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.

ඉන්දුනීසියානු පොලිස්පතිවරයා පවසන ආකාරයට, තෙරපීම හටගත්තේ නරඹන්නන් අතරේ බහින්බස් වීමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් ආරම්භ වීමෙන් පසුවය.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රීඩාංගනට පැමිණ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී පිරිස පාලනය කිරීමට උත්සාහ දරා ඇත.

ගුටිබැට හුවමාරුව ආරම්භ වෙද්දී, නරඹන්නන් කලබල වී ක්‍රීඩාංගනයෙන් පිටවී යෑමට පොරකද්දී, තෙරපීම හටගත් බව පොලිසිය කියයි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ වැඩි දෙනකු මියගියේ හුස්ම ගැනීමට නොහැකි වීමෙන් බවය.

(රොයිටර්)


RECOMMEND POSTS