ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පිපිරේ



ඉන්දුනීසියාවේ නූසා ටෙන්ග්ගාරා පළාතේ පිහිටි ගිනි කන්දක් පුපුරා යෑම නිසා, ගිනි කන්ද පහළ ගම්මාන 26 ක පදිංචි ගම්වැසියන් 3,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව බලධාරීහු පවසති.

ගිනි කන්දෙන් නිකුත් වන දුම්වලා මේ වනවිට කිලෝ මීටර් 4 ක් පමණ දුරකට විසිරී පැතිරී ගොස් ඇති බවත්, ගිනි කන්ද අවට ගුවන් කලාපයේ ගුවන් ගමන් නවතා දමා ඇති බවත් වාර්තා වේ.

ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි ආසියානු කලාපීය රටක් වන අතර, එහි සක්‍රීය ගිනි කදු 130 ක් පමණ තිබේ. ලොව වැඩිම ගිනි කදු පිහිටා ඇති රට ලෙස සැලකෙන්නේ ද මෙයයි.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS