ඉන්දුනීසියාවට මහ වැසි: ජල ගැලීම්වලින් 41 ක් මරුට



ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි ඇද හැලෙන්නේ, ‘මරාපි’ නමැති ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යමින් ඇති අවස්ථාවකය. 

මහ වැසි සමඟ පළාත් රැසකට හිටිහැටියේ ජල ගැලීම් තත්ත්වයක් හටගත්තේ, මරාපි ගිනි කන්ද සමඟ නිකුත් වුණු ලාවා ද සමඟ යැයි පැවැසෙයි. 

හදිසියේ හටගත් ජල ගැලීම්වලින් මියගිය ගණන 41 කි. 16 දෙනෙකු අතුරුදන් බව ද පැවැසෙයි. විනාශ වුණු නිවාස ගණන 100 කට වැඩිය. මුස්ලිම් පල්ලි සහ පාලම් කීපයක් ද කැඩී විනාශ වී ඇතැයි පැවැසෙයි.

උන්හිටිතැන් අහිමි ඉන්දුනීසියානු වැසියන් 100 කට වැඩිය. ඔවුන් තාවකාලික කඳවුරුවල රැඳී සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් ඉන්දුනීසියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දිවි ගලවා ගැනීමේ කටයුතු සහ සහන සේවා කටයුතුවලට මහ වැසි බාධාවක් වී ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS