ඉන්දීය චන්ද්‍ර යානය අකරතැබ්බකින් බේරෙයි



ඉන්දීය චන්ද්‍රයාන් 3 මෙහෙයුමට අයත් ප්‍රාග්යාන් රොබෝ රෝවර් යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, සඳ මත ධාවනය කරමින් තිබියදී, සඳමත ඇති ආවාටයකට වැටෙන්න ගොස් බේරුණු බව නාසා විද්‍යාඥයෝ කියති.

එම ආවාටය මීටර් 4 ක් පමණ පළල එකකි. ආවාටය ඇති බව නොදැන රෝවර් යානය දිගටම ධාවනය කරමින් තිබියදී එය ආවාටයට ඇද වැටීමට ගියේය. කෙසේ නමුත් ඇද වැටීමට ඔන්න මෙන්න කියා තිබියදී යානය නවත්වා, එහි ගමන් මඟ වෙනස් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ කඩිනමින් උපදෙස් දුන් බව පැවැසෙයි.

‘ප්‍රාග්යාන්‘ රොබෝ රෝවර් යානය රෝද 6 කින් සමන්විතය. එය පණ ගැන්වෙන්නේ සූර්ය බලයෙනි. රෝවර් යානයේ ආයු කාලය සති දෙකකි. චන්ද්‍රයාන් 3 මෙහෙයුමට අයත්, ‘වික්‍රම්‘ ලෑන්ඩර් යානය පමණක් නොව, ‘ප්‍රාග්යාන්‘ රෝවර් යානය ලබා ගන්නා ඡායාරූප ද මේ වනවිට පෘථිවි විද්‍යාඥයන්ට ලැබී තිබේ.


RECOMMEND POSTS